About
Meet Your Lecturer
අවුරුදු 14ක් පුරාවට ඉතාලියේ පදිංචි වී සිටින මා පාසල් අධ්‍යාපනය සංචාරක කර්මාන්ත අංශයෙන් නිමකර, සරසවි වරම් ලැබ ඉතාලියේ Siena නම් නගරයේ විශ්වවිද්‍යාලයක ව්‍යාපාර ආර්ථික විද්‍යාව හදාරමින් සිටින උපාධිධාරිණියක් වීමට අපේක්ෂාවෙන් සිටිමි. ඒ අතරතුර 2021 වර්ෂයේදී, මා ඉතාලි භාෂාව ඉගෙන ගැනීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉතාලි භාෂා පන්ති පටන් ගත් අතර සමාජ මාධ්‍ය හරහාද ඉතාලි භාෂාව පිළිබඳ බොහෝ දැනුම් බෙදා දෙන්නෙමි.
Uma Fernando
Undergraduate at University of Siena ( Italy )
ඉතාලි භාෂාව ඉගෙනුම - 1
ගුරුවරයෙකු නොමැති ඉතාලි භාෂාව ඉගෙන ගන්න.
ඔබ දැනටමත් ඉතාලියේ ජීවත් වන්නේ නම් හෝ ඉතාලියට යාෑමට අපේක්ෂාවෙන් සිටින අයකු නම් ඔබ අනිවාර්යයෙන්ම ඉතාලි භාෂාව ඉගෙන ගත යුතුයි. ඔබ ඉතාලි භාෂා පන්තියකට සහභාගී වීමට අපහසුතා ඇති අයෙක් නම් නමුත් භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍යතාවය හා ආශාව ඇත්නම් ගෙදරදි භාෂාව හැදෑරීමට හැකි වීම ඉතාමත් අගනේය. එම අඩුපාඩුව සපුරා ලීමට ඉතාලි හෝඩියේ සිටම පියවරෙන් පියවර, ගුරුවරයකු නොමැතිව වුවද ඉතාලි භාෂාව මනාව උගත හැකි ආකාරයට ක්‍රමානුකූලව සකස් කරන ලද මෙම පාඩම් පොත ඔබට මහත් අත්වැලක් වන බව මා හට සැකයක් නොමැත. ඔබ අධුනිකයෙකු නම් මෙම පොත හොඳින් අධ්‍යයනය කළ පසු තරමක ඉතාලි දැනුමක් ( A2 මට්ටමේ ) ඔබට ලබාගත හැක. මෙය මා විසින් සකස් කරන ලද ඉතාලි භාෂාව ඉගෙනුම් මාලාවේ පළමු ප්රකශනයයි.